Sunday, December 26, 2010

නොපිරෙනා සිත

හිතේ ගැඹරක
වෙලෙන කඳුලක්
කවි වෙලා නිති නුඹ නමින්
පුරා පත් ඉරු
පා කරන්නෙමි
ලය පුරා නැගී සුසුමකින්
එකවි එක එක
වැටුණු තැනකින්
අහුලගෙන යන එන දනන්
හැඩයි කිව්වත්
නොපිරෙනා සිත
තවත් ලතවෙයි නුඹ සොයන්

No comments:

Post a Comment