Thursday, December 9, 2010

සුභ අසුභ

දෑස තරයේ පියා
නුඹ ළයේ හිස හොවමි
මේ කඳුළු බර අඩුයි
නුඹ ළඟින් හිඳින තුරු

සුභ දසුන් දුක් වදන්
සමෝසම විඳ ගනිමි
මේ ලොවේ විස නැසෙයි
නුඹෙන් ඔසු ලැබෙන තුරු

1 comment:

  1. දෑස ත‍රයේ පියා
    නුඹ හෙලන කඳුලකින්
    හිතේ බර වැඩීවේවි
    ඔසවන්න බැරි ලෙසින්...

    දරන්නට බැරි බරක්
    ඔහු පිටට වැටුනොතින්
    හදවතේ ඉරි තලයි
    පිටට නොපෙනෙන ලෙසින්....

    ReplyDelete