Saturday, December 18, 2010

දුරක සිට

මේ වහින මහා වැස්ස
නුවරටත් වහිනවද?
වැව් රවුමේ වාඩිවී
වැහි පොදට තෙමෙනවද?
දිලෙන එළි සේයාව
වැව් දියේ පෙනෙනවද?
දඟ සුළඟ දිව ඇවිත්
කෙහෙ අවුල් කරනවාද?
ඈත කඳු මුදුන් වල
වළා ඇස ගැටෙනවද?
තරු එළිය වගේ මතක
නිවි නිවී දිලෙනවද?

1 comment:

  1. නුවර කියලා ආයෙ කිසිම වෙනසක් නැතේ,
    මේ වැස්ස එලෙසින්ම නුවරටත් වහිනවා,
    වැව රවුමෙ වැහිපොදට තෙමුන බව ඇත්තමුත්,
    ඔබෙ මතක නිසා හද උණුසුමෙන් ගැහෙනවා,

    වැව් දියේ පෙනෙන්නෙත් ඔබෙ රුවම නොවේදෝ?
    කෙහෙ අවුල් කරන්නෙත් ඔබමමයි නොවේදෝ?
    කඳු මුදුන දිලෙන්නෙත් ඔබ රුවම නොවේදෝ?
    ඔබෙ සුවඳ සදාකල් මාහිතේ නොවේදෝ?

    ReplyDelete