Wednesday, December 1, 2010

"පැතුම් නොපතමි"
















සැඩ කිරණ වැදි
පෙතිත් මැලවුණි
හිතත් රිදි රිදි
සුසුම් ලං වුනි

හවස වට වැසි
රැසට තෙමි තෙමි
එමල හිනැහුණි
දුක නොදත් මෙනි

“පැතුම් නොපතමි
සිහින නොදකිමි”
සිහින් මිමිණිලි
මලෙන් මතුවිණි

5 comments:

  1. ලස්සනයි ඇරෙන්න වෙන මොනවා කියන්නද ? හරිම ලස්සනයි

    ජයවේවා !!

    ReplyDelete
  2. දුක නොදන්නවාක් මෙන් හිනැහෙන්න පුලුවන් කම කොයි තරම් ලොකු දෙයක්ද දෙයියනේ

    ReplyDelete
  3. නියමයි නියම පද පෙල...
    ජිවිතේ මෙවගේ..

    ReplyDelete
  4. තුති මිතුරනි! :)

    ReplyDelete